ඔබේ PC Speaker සෙට් එකෙන් Pen drive සම්බන්ද කල හැකි MP3 Player ක් - 3 1

lk media | 11/15/2010 09:31:00 PM |

මේ සම්බන්ධයෙන් මම කලින් දාපු පෝස්ට් එක බලපු අය සමහර විට Pen drive එක PC Speaker සෙට් එකට ගහලා MP3 සිංදු අහනවත් ඇති. කම්පියුටර් එක නැතිව මේ විදිහට Pen drive එකක තියන සිංදු අහන්න පුළුවන් වීම ඇත්තටම වාසියි.  
පරිගනකය ඔන් එකේ නැති වෙලාවට Pen drive එකක තියන සිංදු අහන්න නම් අළුත් සෙටප් එකක් තියෙන්න වෙනවා. හැම කෙනෙක්ටම එහෙම පහසුකම් නැනේ . එහෙම නැති අයට මේ ක්‍රමය ගගොඩක් වටිනවා.‍මොකද දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ සබ්වූපර් . ඉතින් සබ්වූපරයකට මේ ක්‍රමය යොදාගත්තොත් හොදමට්ටමින් ඔබට සිංදු රස විදින්න පුළුවන්. කලින් පෝස්ට් එක බලපු නැති අය මෙතන ක්ලික් කරලා කලින් පෝස්ට් එක බලලා වැඩේ හොදද බලන්නකෝ. කලින්‍ පෝස්ට් එක බලපු අයටත් වැඩේ තවත් ටිකක් ලේසි වෙන්න මේ ඩයග්රම් එකත් බලන්න.
 

ඔබේ PC Speaker සෙට් එකෙන් Pen drive සම්බන්ද කල හැකි MP3 Player ක් -2 7

lk media | 11/15/2010 09:47:00 AM |

සමාවෙන්න ඕන ගොඩක් දවස් ගියාට මේ පෝස්ට් එක් දාන්න. මට ටිකක් බිසි වුණා ඒ මදිවට මගේ නෙට් සම්බන්ධතාවය කපලා. බිල වැඩි කියලා. ඒ හින්දා තමා මට මේ පෝස්ට් එක දාන්න කල්ගියේ. කැපේ එකකින්වත් දාන්න හිතාන තොරතුරු ටික එකතුකරලා ඔන්න දැන් මම එක දානවා. 
මෙහෙමයි මේ සිදදිය කරන්නේ බොහොම ලේසි වැඩක්.ඔයාල දැනටමත් ස්පීකර් සෙට් එකක් එහෙම හොයාගෙන ඇතිනේ. මේ වැඩේට තව පොඩි ගැජට් එකක් ඔයාලට සපයගන්න වෙනවා. මේ ගැජට් එක තමා පෙන් ඩ්‍රයිව් එකේ තියන දත්ත Audio ආකාරයට පරිවර්තනය කරලා දෙන්නේ. මේ ගැජට් එක කොළඹ ආසන්න අයටනම් පහසුවෙන් හොයාගන්න පුළුවන් කොටුව පැත්තට ගියාම. කොළඹින් පිට අයට ගන්න පහසුම ක්‍රමයත් කොටුවට ගිහින් ගන්න එක තමා. මොකද තාම මේ ගැජට් එක කොළඹින් පිට වෙළදසැල් වල හොයාගන්න අමාරුයි.අළුත් අළුත් ගැජට් ගැන උණ තියන සමහර ඉලෙක්ට්‍රොණික් වෙලෙන්දෝ ගාව තමා කොළඹීන් පිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මමත් ගත්තේ එහෙම එක්කෙනෙක්ගෙන් තමා. මේ ගැජට් එකතමා USB-032B කියලා කියන්නේ. MP3 මොඩියුලේටර් කියලත් හදුන්වනවා. MP3 Decoder Board වගේ නම් වලින් සමහරු හදුන්වනවා.(මේකේ නිවැරදිම නම දන්නවනම් ඒකත් කමෙනට් එකක් දාන්න)
 
මේ තියෙන්නේ සර්කිට් එකේ පැතිදෙකේ පෙනුම පහල තියෙන්නේ මේ සමග දෙන දුරස්ථපාලකය සහ අනෙකුත් කනෙක්ටර්ස් . මේ සෑම කොටසක්ම අවසන් රූපය දෙස බලා නිවැරදිව සර්කිට් බෝඩ් එකට සම්බන්ධ කරගන්න.(බොහෝ විට ඔබට වෙළදපලෙන් ලැබෙන්නේ මෙම සියල්ල සම්බන්ධ කල එකකි) ඔබේ ස්පීකර් සෙට් එකේ Amp කොටස ඇති බපලය ගලවා එහි සර්කිට් කොටස විවෘත කරගන්න.

දුරස්ථපාලකය

පෙන් ඩ්‍රයිව් සම්බන්ධකය
විදුලි සපයනය සදහා වයර්
මේ සදහා 5V විදුලියක් ලබා දිය යුතු වේ. බපලයට සපයන විදුලියෙන්ම මේ සදහා විදුලිය ලබා දීමට හැකිනම් වඩා සුදුසුයි. ඒ සදහා බපලයට සපයන විදුලි ප්‍රමාණය 5V දක්වා අඩු කල හැකි ක්‍රමයක් ඔබ සකස් කරගත යුතුයි. ඒ පිළිබද දැනුම ඔබට නොමැතිනම් ඒ සදහා දැනුමැති අයකුගේ උදව් ලබා ගැනීම සුදුසුයි. මොකද මේ උපකරණය සියුම් උපකරණයක් නිසා නිවැරදිව 5V විදුලි ප්‍රමාණයක් ලබා දීම ‍වඩා ‍හොදයි. එය එතරම් අපහසු කාර්යක් නෙමෙයි. රෙක්ටිපයර් හෝ රෙසිස්ටර් යොදාගෙන කරන්න පුළුවන්. (මෙහි ඔබට බොහෝ විට ලැබෙනුයේ නිල් සහ රතු වයර් දෙකක්.අප ධන අග්‍රය ලෙස රතු භාවිතා කළත් මෙහිදී මට ලැබුනේ රතු වයරය සෘණ අග්‍රය ලෙස යෙදූ වයර්. මේ නිසා ඔබ නිවැරදිව ධන,සෘණ වයර් හදුනාගෙන සම්බන්ධකිරීම් කරන්න.සර්කිට් එකේ සම්බන්ධක අසල ප්‍රින්ට් කර තිබෙන අකුරැ හොදින් බලන්න.)
දුරස්ථපාලකයේ සෙන්සරය සහ ශබ්ධ පිටකරන සමබන්ධක වයර් 
මෙහි දුඹුරු රතු කළු වයර් Audio out වන අතර රතු වයරය පොදු අග්‍රය හෙවත් සෘණ අග්‍රය ලෙස ගන්න.( ඔබ ලබාගන්නා සර්කිට් එකේ වෙනස් පාට වයර් තිබෙන්නට පුළුවන එසේ වුව හොත් අවසන් රූපයේ පරිදි වයරය සම්බන්ධ වන ස්ථානය බලා පාට ගලපන්න.) මෙම වයර් සම්බන්ධ කල යුතු වන්නේ ස්පීකර් සෙට් එකේ Audio in වයර් වෙතටයි. ස්පීකර් සෙට් එකේ මෙම ස්ථාන ඔබට හදුනා ගැනීමට අපහසු වන්නේ නෑ.

සියළු සම්බන්ධක වයර් සම්බන්ධ කල විට
මේ ආකාරයෙන් ඔබ විදුලිය හා Audi out  Out අග්‍ර සියල්ල නිවැරදිව සම්බන්ධ කලේ නම් දුරස්ථපාලකය සදහා වන සෙන්සරය පිටතට විවෘත වන ආකාරයෙන් බපලයේ කුඩා සිදුරක් සාදා ඇතුලතින් සවි කරගන්න. පෙන්ඩ්‍රයිව් සම්බන්ධකිරීම සදහා එම ‍සොකටයද බපලය සිදුරු කර සුදුසු ලෙස සවි කරන්න. ඔබගේ බපලය මෙසේ සිදුරු කිරීමට ඔබ අකමැතිනම් ‍පිටතින් මෙම උපාංග කොටස් ටික වෙනම BOX  එකක සවි කර ගැනීමටද හැකියාව ඇත. තවද මෙහි SD Memory card සවි කිරීමේ පහසුකම් සහ තවත් පහසුකම් ඇති අතර එම කොටස් ඔබේ නිර්මාණාත්මක හැකියාව අනුව භාවිතයට ගන්න. වැඩේ කරලා හොද නරක මටත් කියන්ඩ     එෙහ‍නම්...............




ඔබේ PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරමු 5

lk media | 11/01/2010 07:03:00 AM |

ගොඩක් කල් ගියා අලුත් පෝස්ට් එකක් ලියන්න. අද මම කියන්නේ ඔයාලගේ  PC Speaker සෙට් එක Computer නොමැතිව Pen Drive මගින් MP3 ඇසිය හැකි MP3 Player ක් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන‍. පරිගණකය ක්‍රියාත්මක් නොකරන අවස්තාවන් වල මේ ආකාරයෙන් pc speaker;sub woofer  පමණක් උපයෝගී කරගනිමින් අපට Audio ලබා ගැනීමේ හැකියාව ලැබේ. විශේෂත්වය වන්නේ ඔබේ Pen Drive තුල ගබඩා කර ගත් Mp3 මෙහි ධාවනය කල හැකි වීමයි. ඉතින් කොහොමද මේ pc speaker;sub woofer වලට Pen Drive සෙට් කරන්නේ...........? ආ ඒක තමා මම ඔයාලට කියන්න හදන්නේ‍. හැබැයි මේ දවස් වල මම ටිකක් BC. ඒ හින්දා ඊ ලග පෝස්ට් එකෙන් මේක කරන විදිහ සම්පූර්ණයෙන් කියලා දෙන්නම්කෝ.. එතකම් ඔයාලා pc speaker හරි sub woofer එකක් හරි හොයලා තියාගන්නකෝ. ඉක්මනට එන්නම් හොදේ.....

ලංකාවේ ඩාවින්සිලා.................. 0

lk media | 9/26/2010 09:08:00 AM |

මේ පුංචි රටේ විවිද දක්ෂතා ඇති පිරිස් ඉන්නවා. හැකියාවන් අතරින් චිත්‍ර ඇදීමේ හැකියාව ලබන්නේ ඉතාම සුළු පිරිසක්.  මේ මම කියන්න යන දේ සමහර විට ඔයාලා විවිද ස්ථාන වලදි දැකලත් ඇති. දැකලා තියන අයට හිතිලා ඇති අපේ පුංචි රට ඇතුලේ මොනතරම් දක්ෂතා ඇති පිරිසක් ඉන්නවද කියලා. පසුගිය දිනවල BMICH  හිදී පැවති  මහා පොත් ප්‍රදර්ශනයට අමතරව එහිදී යන එන කාගෙත් නෙත් වසගයට ගත් වි‍ශේෂ දර්ශනයක් තමා යන එන අයගේ රුව චිත්‍රශිල්පීන් අතින් සිත්තමට නැගීම. අවශ්‍ය අයෙකුට මොවුන් අතින් ගමාගේ රුව සිත්තම් කර ගැනීමේ හැකීයාව තිබුණා. බොහෝ පිරිසක් දුක් වුණේ තමාගේ රුව සිත්තම් කර ගැනීමට අවශ්‍ය කාලය නොමැති වීමයි. කෙසේ වෙතත් ප්‍රදර්ශනය් සියළු දිනපුරා මෙම ශිල්පීන් විසින් විශාල පිරිසකගේ රුව සිත්තම් කර ඔවුන්ව  විශ්මයට පත් කරා. එක් රුවක් සිත්තම් කිරීම සදහා ඉතා සුළු මුදලක් අය කරත් තමන්ගේ රුව සිත්තම් කරගැනීමට බොහෝ පිරිසක් උස්සහ දරමින් සිටියා. (මෙහිදී විශේෂයෙන් සදහන් කළ යුතුකරුණක් වන්නේ මොවුන් මේ සදහා අය කල මුදලේ වටිනාකමයි. එය ඇත්තෙන්ම මෙවැනි විශේෂ හැකියාවක් සදහා අය කිරීමට සුදුසු වටිනාකමක් නොවන කරම් සුළු මුදලක් ලෙසයි මගේ මතය නම්. කෙසේ වෙතත් මෙය තාක්ෂණික දියුණුවත් සමග කලාකරුවාට ලැබුණූ  වටිනාකම  මෙය යැයි මට සිතුණි.) මේ ශිල්පීන්ගේ දක්ෂතා පිටුපස විශේෂයෙන් කිව යුතු ආයතනයක් තියනවා. ඒ ගැන කියන්න කලින් අපි මේ අයගේ දක්ෂතා ටිකක් බලලා ඉමුකෝ..






ඔයාලත් කැමතිද මේ වාගේ චිත්‍ර අදින්න පුළුවන් චිත්‍රශිල්පියෙක් වෙන්න........
එහෙනම් මම දැන් කියන්නම් මේ අයගේ හැකියාවන් පිටුපස ඉන්න විශේෂ ආයතනය. ඒ තමා විභවි ලලිත කලා ඇකඩමිය ( Vibhavi  Academy of Fine Arts ) කවුද අකමැති මේ වගේ චිත්‍ර අදින්න පුළුවන්නම් නේද? එහෙනම් ඔන්න ඔයාලටත් පුළුවන් මේ විභවි කලා ඇකඩමියට ගිහින් ඒ වගේ දක්ෂ චිත්‍රශිල්පියෙක් වෙන්න. ඔබේ දැනට තියන හැකියාවට අනුව පාඨමාලාව තෝරගන්න පුළුවන්. වැඩි විස්තර - අංක 38, නව ජයවීර මාවත, ඇතුල්කෝට්ටේ. ලිපිනයෙන් හෝ 011 2877309 දුරකථන අංකයෙන් දැනගැනීමට පුළුවන්.

පුංචි සිත්තරු 0

lk media | 9/26/2010 06:36:00 AM |

මම කලින් කිවුව BMICH වලදි දැක්ක තවත් වැදගත් ඒ වගේම අපේ අනාගත පරපුර වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඔප් නංවන්නට කල සේවයක් ගැන දැන් කියන්නම්. බොහොම අමාරුවෙන් පිපෙන්නට වෙරදරන මල් කැකුළු වලට අත හිත දෙන කණ්ඩායමක් අපට මේ ප්‍රදර්ශනය තිබූ සෑම දිනකම දැක ගන්නට ලැබුණා. පුංචි කාලෙදිම තම හැකීයාවන් වර්ධනය කරගන්න, හැකියාවන් එළිදක්වාගන්න අවස්තාවක් ලැබෙනවනම් ඔහුගේ අනාගතය ස්ථීර වශයෙන්ම දීප්තිමත් වේවි.ඉතින් මේ ගැන වටහාගත් ආයතනයක්, ප්‍රදර්ශනේට එන චිත්‍ර ඇදීමේ ආශාවක් ඇති පුංචි පැටව් එකතු කරගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කරගැනීමට සහ එළි දැක්වීමට අවස්තාවක් සළසා දී තිබුණා.මේ ආයතනය අපි කවුරුත් දන්න හොම්රන් පැස්ටල් නිෂ්පාදනය කරන Color Products (pvt) Ltd ආයතනයයි. බලන්නකෝ මෙතනට ආව පුංචි පැටව් කීපදෙනෙක්ගේ හැකියාවන් ටිකක්.





 මේ පුංචි පැටව්ගේ වැඩනේ. ඔන්න ඊලගට කියන්නේ සහ පෙන්නන්නේ ලංකාවෙත් ඩාවින්සිලා වගේ දක්ෂ චිත්‍රශිල්පීන් බිහිකරන කලායතනයක් සහ එහි සිසු සිසුවියන්ගේ අති දක්ෂ හැකියාවන් ගැනයි.පොඩ්ඩක් ඉන්ඩකෝ එනකම්....

බලන්න කලා ලෝවට අලුත් තරු පායන හැටි........................ 2

lk media | 9/26/2010 04:54:00 AM |

ඔන්න මම ටික කාලෙකින් තමා පෝස්ට් එකක් ලියන්නේ. මොකද පහුගිය දවස් වල මට ටිකක් වැඩ වැඩි වුණා. හැබැයි ඒ දවස් ටිකේ බ්ලොග් එකට හොද වැදගත් නිවුස් ටිකක් හොයා ගත්තා.කලාවට බර අපේ අයට හොදම නිවුස් ටිකක් වෙයි. මේ පෝස්ට් ඒකේදි මම කියන්නේ ඔයාලා දන්නවානේ BMICH වල මේ දවස් වල කිබුණ මහා පොත් ප්‍රදර්ශනය ගැන. සැප්තැම්බර් 18 ඉදන් අද වෙනකම් ඒ කියන්නේ 26 වෙනකම් මේ ප්‍රදර්ශනේ තියනවා. ප්‍රදර්ශනේට අමතරව තිබුණ වැදගත් දේවල් තමා මම මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ මේ පොත් ප්‍රදර්ශනයට අමතරව ප්‍රදර්ශන භුමිය විචිත්‍රවත් කල දේවල් කීපයක්. එහෙනම් බලන්නකෝ.........
මේ තමා ටවර් හෝල් රගහල පදනම (TOWER HOLE THEATER FOUNDATION ) සිසු සිසුවියන් ප්‍රදර්ශනයට එන අයව විනොදමත් කරන්න තමන්ගේ හැකියාවන් වීදි නාට්‍ය ලෙස රග දක්වපු ආකාරය.



 සමහරු බලන්නත් ඇති. බලපු අය දන්නවා ඇති මේ අයගේ හැකියාවන් කොහොමද කියලා. අපට ඉදිරියේදී හොද දක්ෂ නළුනිලියන් රැසක් බිහිවෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.

තව ගොඩක් දේවල් තිබුණා ඒවගෙන් තව ටිකක් තියනවා. වෙනම පෝස්ට් එකක දාන්නම් හොදේ.

500Mb File ගෙඩි පිටින් Email කරමු......... 2

lk media | 9/10/2010 06:34:00 AM |

අද මම කියන්න යන්නේ අපට ඉතාමත් වැදගත් සේවාවක් ලබා දෙන සයිට් එකක් ගැනයි. සමහරුනම් දන්නවා මේ සයිට් එක.ඒත් හැමෝම දන්නෑනේ. ඔන්න ඒ ගැන නොදන්නා අයට පොඩි උදව්වක් කරන්නම්. තාම කිව්වේ නෑනේ මොකක්ද මේ මහලොකු වැඩේ කියලා නේද.

හොදයි මේකයි වැඩේ. ගොඩක් වෙලාවට අපි මේල් කරදදි 50Kb-15Mb වගේ file තමා මේල් කරන්නේ. ගූගල් යාහු වගේ මේල් වල අපට දෙන්නෙත් මම දන්න තරමින් 20-25Mb වගේ file විතරයි මේල් කරන්න. සමහර වෙලාවට ලොකු ලොකු මේල් යවන්න ඕන වෙන ලොකු ලොකු පොරවල් ඉන්නවනේ. ඒ අයට මේ සයිට් එක මරු හොදේ. මටත් හදිස්සියේ ඔය වගේ ලොකු වීඩියෝ file වගයක් යවන්න ඔන වෙලා එහෙ මෙහෙ දුවද්දි  තමා මේ සයිට් එක හම්බුණේ. කලින් මම මේ සයිට් එක පාවිච්චි කරලා තිබුණත් සයිට් එක මතක තිබුනේ නෑ. විශේෂයෙන් මේ ගැන නැවත මතක් කරලා දුන්න Saman Rathnayake යාලුවට ස්තුති කරන්න ඕන.
හරි දැන්වත් සයිට් එක කියමුකෝ. පහත රූපය ඔබන්නකෝ.එකෙන් ඔයාලට පුළුවන් කිව්ව සයිට් එකට යන්න. 
බලන්නකෝ හරිම ලේසියි මේල් යවන්න.ලබන්නාගේ මේල් ඇඩ්රස් එකයි ඔයාගේ මේල් ඇඩ්රස් එකයි දාලා යවන්න ඕන file එක තෝරන්න. දැන් සෙන්ට් කරන්න.ඔයාගේ file එක අප්ලෝඩ් වෙන්න පටන් ගනියි. file එකේ සයිස් එකේ හැටියටයි ඔයාගේ නෙට් සම්බන්ධතාවේ වේගයයි අනුව file අප්ලෝඩ් වෙන කාලය තීරණය වෙනවා. අවශ්‍ය නම් file එකට password දාලා අප්ලෝඩ් කරන්නත් පුළුවන්.

අප්ලෝඩ් වුණාට පස්සේ දෙන්නටම මේල් 2ක් එනවා. file එ‍ක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් ඒකේ තියනවා.
හැබැයි මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙන්නේ 10 දෙනෙකුට හෝ 10 වතාවක් විතරයි. ඒ වගේම මට මතකයේ හැටියට දින 2-3 වගේ කාලයකට කලින් file ඩවුන්ලෝඩ් කරගත යුතුයි.
 ඒ කිවුවේ මේ සයිට් එකෙන් ඔයාලට නොමිලේ මේල් කරන්න පුළුවන් ආකාරයයි. මීට වඩා පහසුකම් අවශ්‍යනම් ඔයාලට මේ සයිට් එකේ මුදල් ගෙවලා හොද ගිණුමක් හදාගන්නත් පුළුවන් ඒවා වැඩි වැඩ නේද.
වැඩේ හොදනම් දාලා යන්නකෝ කමෙන්ට් එකක්......................

ඩෙංගු මර්ධනයට කියුබානු බැක්ටීරියාවක් ලංකාවට 0

lk media | 8/27/2010 09:26:00 AM |

 රජයට ඔලුව උස්සන්න බැරි තරමට ඩෙංගු මදුරුවා හිසරදයක් වෙලා තියන බව අපි කවුරුත් දන්නවනේ. ඩෙංගු මදුරුවා විතරක් නෙමේනේ ඇයි ජනතාවගේත් විපක්ෂයේත් දැඩි ප්‍රහාර එල්ල වුණේ ආණ්ඩුවට ඩෙංගු මදුරුවා ඇණලා මළත් කමක් නෑ කියලා හිතෙන තරමටනේ. ඒ විතරද ඇයි ගස් බදිනන්ත් වුණාලුනේ.ඔන්න ඉතින් බැරිම තැන හොද බුලට් එකක් ගෙනාවා කියන්නේ. ඉදිරියේදී අපි කාට කාටත් බලාගන්න පුලුවන් මොකද වෙන්නේ කියලා මේ අලුත් බුලට් එකෙන්. බුලට් එකක් කියලා මම කිව්වට මේක මේ බැක්ටීරියාවක්.හොදට නරකට දෙකට කටමය කියලා කියනවා වගේ බැක්ටීරියාත් ගොඩක් වෙලාවට අපට හිතකර වෙන අවස්තා තියනවා. රු මිලියන 13 ක් වැය කරලා ලීටර් 10000 ක් ලංකාවට ගෙන්වලා තියෙන්නේ කියුබාවෙන්. බී ටී අයි කියලා නම් කරලා තියන මේ බැක්ටීරියාව දේශීය බැක්ටීරියාවක් ලෙසත් තියනවලුනේ. අපි බලාගෙන ඉමුකෝ මේ බැක්ටීරියාවේ කෙරුවාවත් කොහොමද කියලා. ඒ කොහොම වුණත් මේ බැක්ටීරියාවේ හොද නරක බලාගන්නවා වගේම අපි කාට කාටත් වගකීමක් තියනවා අපේ පරිසරය පිරිසුදුව තබාගෙන ඩෙංගු මර්ධනයට සහයෝගය දක්වන්න. එහෙම නේද යාළුවනේ...................................................................                (කමෙන්ට් එකක් දැම්මට කමක් නෑ හොදේ..........)